ranil-dullas-127-92

හෙට (20) පැවැත්වෙන ජනපති තේරීමේ ඡන්ද විමසමේදී ප්‍රධාන තරගය ඇත්තේ රනිල් හා ඩලස් අතරය. ඡන්දය පාවිච්චි කරන 224 අතරින් 3 ක් ජවිපෙට යයි උපකල්පණය කරන අතර කිසිවෙකුට ඡන්දය පළ නොකරන බවට දෙන්නෙකුද දැනටමත් දන්වා ඇත. ඒ අනුව 219 ක් අතරේ රනිල් සජිත් තෝරන තරගය පැවැත්වේ.
මෙහිදී සරලව දැනට පෙන්නුම් කරන ජයග්‍රහණය ඩලස්ට බවත් ඩලස් රනිල් අතර 127 ට 92 ලෙස ඡන්ද බෙදෙනු ඇති බව මුලින් පෙන්නුම් කළද දැන් එය තනි ඉලක්කමක වෙනසක සටනක් බවට පත්ව ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෙකු හා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර තිබේ. ඔහු පවසන්නේ සජිත්ගේ ඉවත්වීම නිසා එජාපය වෙත සජබ පිරිස් ඇදී ගොස් ඇති බවයි. වැඩි වාසි ඩලස් සතු නමුත් අවසන් මොහොත දක්වා ජය පැහැදිලි නැතැයිද ඔහු පවසයි. ෆේස් බුක් ඔස්සේ ඔහු කරන විග්‍රහාත්මක අනාවැකිය පහත පරිදිය.