නොදන්නා ඉසව්වක වාසය කරන ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්සන් තැබීමෙන් පසු වැඩබලන ජනපති ලෙස රනිල් වික්‍රමසිංහගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහු පොරොන්දුවූ ආකාරයට ජුලි 13 අවසන් වන්නට තව පැය 3 ක් පමණ තිබෙන නමුත් තවම ඉල්ලා අස්වීමක් සිදු කර නැත,
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය පිළිගන්නා අගමැතිවරයෙකු වහාම පත් කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී ඇත .ඒ අනුව එම අගමැතිවරයා යටතේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවට සියලු බලතල පැවරීමට කටයුතු කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මේ අනුව පක්ෂ නායකයින් සඳුදා කථා කරගත් පරිදි ජනපතිවරයෙකු ලබන බදාදා (20) පත්කරගන්නේ නැති ස්වරූපයක් පවතින අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 37 වගන්තිය අනුව යමින් ජනපතිගේ ඉල්ලා අස්වීමක් සිදුනොවී රනිල් දිගටම වැඩබලමින් රැඳී සිටිනු ඇති බව පෙනී යයි.
ගෝඨාභය ගැසට් පත්‍රයේ සඳහන් කරන්නේ තමන් ‘දිවයිනෙන් බැහරව ගිය‘ කතාවකි. නැවත එන්නට රටින් පිටව යන ආකාරයකි.
නමුත් ලෝකයේම මාධ්‍ය තුළ ඔහු රටින් පළාගිය බව අද වාර්තා කර තිබුණ අතර ඔහු නැවත මෙරටට එන්නට ඉඩනැති ආකාරයක් වාර්තා විය.
ඒ අනුව මෙම තනතුරු පත්කිරීම් තුළ විශාල දේශපාලන උපායක් ගැබ්ව ඇති බවද අනුමාන කෙරේ.
ගෝඨාභය අත්සන් කර අද (13) රාත්‍රී ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය පහතින්
0 Comments