ranil-nagananda

වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන ලෙස ඉල්ලූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) ඉවත දැමීය.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසිනි.



මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණේ  පසුගිය මහමැතිවරණයේ ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා
එකදු ආසනයක්වත් නොලබා ඡන්දයෙන් පැරදුණ පසු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පැමිණියේ එම ලැයිස්තුවේ වෙනත් නම් තිබියදී බවයි. එය ව්‍යවස්තාවට පටහැනි බවයි.ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම, ඡන්දය  භාවිත  කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණි.

ගාමිණී අමරසේකර , ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
නීතිපතිවරයා හා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළේය.
මෙම නඩුව විභාගයට ගත්තේනම් අද දින ජනපති තොරන තරගයට පාර්ලිමේන්තුවෙන් නම් කළ රනිල්ගේ අපේකෂකත්වයද අභියෝගයට ලක්වන්නට ඉඩ තිබුණි.
වැඩ බලන ජනපතිවරයෙකුට එරෙහිව නඩු නිමිත්තක් පවත්වා යා නොහැකි කාරණාවද ප්‍රතික්ෂේපයේදී ඉස්මතුවිය.