ranil-parliament

ශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමට තීරණය කළ බවට පක්ෂ නායකයින් පවසා තිබේ.

"නැවුම් චාරිත්‍රානුකූල ආරම්භයක්" සඳහා පාර්ලිමේන්තුව පැය 24කට කල් තැබීමට අදහස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයින්ට දැනුම් දුන්නා," යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති අතර

මෙම කරුණ එමගින් සනාථවේ.

අගමැති කර්යාලයේ ප්‍රකාශකයකු  පැවසුවේ ජනාධිපතිවරයා එසේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කර පැය විසි හතරකින් නැවත නව සභාවාරය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තුවට නව ආරම්භයක් ලබාගැනීමට අවශ්‍ය බැවින් බවයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට පැය විසි හතරකට අවසන් කිරීමට බොහෝ විට ඉඩ ඇති බවද අගමැති කාර්යාලය දන්වා ඇත.



පාර්ලිමේන්තු වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හා අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේ ය. එමඟින් එම කමිටු අහෝසිවී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයින් පත්කළ යුතු වේ.

වාර අවසාන කිරීමේ සැබෑ අරමුණ නම්, අදාල පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරුන් සහ සභිකයින් ඉවත් කිරීම විය හැකි බවට දේශපාලන ආරංචි පවතී.