නව වැඩබලන ජනපති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් අද විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී ඔහු කියා සිටියේ නව ජනපති වරයෙක් ලබන සතියේ පත්කරන තෙක් වැඩ බලන බවත් නව ජනපති පත් කිරීමේ සටනට මේ වනවිට විවිධ කුමන්ත්‍රණ දියත්වෙන බවත් මන්ත්‍රීවරුන්ගේ ස්වාධීන මතයට බලපෑම් කරන ඩීල් දමන බවත් පවසා සිටියේය.
තමා රට ගැන සිතා තනතුරු භාරගත් බවත් රට ගැන නැතිව පුද්ගලයන් ගැන සිතා හානියක් නොකරගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.
මේ අතර අරගලකරුවන් හා කැරළිකරුවන් අතර වෙනසක් ඇතැයිද කැරළිකරුවන්ට ඉඩ නොතබන බවද මතක් කළේය.
තමාට මින් ඉදිරියට ‘අති ගරු‘ ලෙස ඇමතීම තහනම් කරන බවත් තමාට වෙනම ජනපති කොඩියක් අවශ්‍ය නැති බවත් ඔහු කීය.
සම්පූර්ණ කතාව වීඩියෝව පහතින්
0 Comments