ranil-statement-situation

සඳුදා තමා ප්‍රතිඥා දුන් පරිදි අගමැති ධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළ බවත් පසුව මන්ත්‍රීවරු සහය ලබාගැනීම ගැනදේශපාලන සාකච්ඡා ප්‍රජාතන්තු ආකාරයට  පැවැත්වූ බවත් කී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපතිවරයා දැන් අලුත් තත්වයක් මතුව ඇතැයි පැහැදිලිකරමින් වීඩියෝවක් නිකුත් කර තිබේ. එහිදී මෙසේ වැඩිදුරටත් කියයි.


‘ජනපති රටින් පිටවී තිබෙන පසුබිමේ පක්ෂ එක්වී ජනපති වරයෙක් තෝරන්න තීරණය කළත් අපට වාර්තාවුණා. අගමැති කාර්යාලය අල්ලන්න හා ගුවන් හමුදාපතිගේ හා යුද හමුදාපතිගේ නිවෙස් වටකරන්න අරගලකරුවන් සූදානම් කර තිබූ බව.. ඒ වගේ පාර්ලිමේන්තුව වට කරන්න යන බවත් දැනගත්තා.
ආරක්ෂක මන්ඩල ප්‍රධානීන් මං ඊයේ හමුවුණා.අද පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කළා.
මේ කණ්ඩායම් අද අගමැති කාර්යාලය අල්ලන්නේ විශේෂ හේතුවකට නෙමේ.. නීත්‍යානුකූලව මා වැඩ බලන්නට ආ නිසා ඔවුන් කැමති නැහැ.
අනීතිකව  ඒ වෙනුවට ඔවුනගේ නායකයෙක් තෝරන්න එවුනට උවමනාවී තිබෙන්නේ.
අපේ ව්‍යවස්ථාව අනුව මා පත්වුනේ.. වළුවස්ථාව ඉරා දාන්න බැහැ. පැසිස්ට් වාදීන්ට අවශ්‍ය විදිහට එහෙම කරන්න බැහැ. අද සම්ප්‍රදායික පක්ෂත් මේ වැඩේට එකතු වෙලා..
මේ නිසා මං ඇඳිරි නීතිය හා හදිසි නීතිය දැම්මේ. අපි සාමාන්‍ය මිනිසුන්ගේ නිවෙස් ආරක්ෂා කරන්න.රටේ ප්‍රධාන තැන් අල්ලගෙන තිබෙන තත්වය අපි වෙනස් කර සාමාන්‍ය අතට ගන්නවා.


මං ආරක්ෂක අංශයට උපදෙස් දුන්නා කොමිටියකට මේ සම්බන්ධව වැඩ කර රටේ අදාළ මර්මස්ථාන නැවත අල්ලගන්න
මේ ඔබේ අනාගතය සකසන්නේ ත්‍රිවිධ හමුදාවයි.. ඒකට දේශපාලනයක් නැහැ. පොලිසියටයි හමුදාවටයි සම්පූර්ණ සහය දෙන්න මං ජනතාවගෙන් ඉල්ලනවා.'