ranil-sworn-in-live-cid

ජනපති රනිල් වික්‍රමසිංහ අද දින දිවුරුම් දෙන අවස්ථාව එය භාරව සිටි ITN රූපවාහිනී කණ්ඩායමට ආවරණය කරන්නට බැරිව ගොස් තිබේ. ඊට හේතුව විදුලිය විසන්ධිවීමයි.
ශ්‍රී ලංකාවේ නාලිකාවන් එය ආවරණය කලේ

ඉන්දියාවේ ඒඑන්අයි වැනි මාධ්‍ය විකාශය කළ සජීවී රූප වලින් වන අතර වැදගත් අවස්ථාව ලංකාවේ මාධ්‍යයට මග හැරිණි. ස්වාධීන රූපවාහිනිය මඟින් සජීවීව විකාශය කිරීමටත් අනෙකුත් රූපවාහිනි නාලිකා මගින් සමගාමීව විකාශය කිරීමටත් නියමිතව තිබිණි. සජීවි විකාශය භාරව සිටි නාලිකාව කඩාකප්පල් වැඩක් කළාද? යන්න දැන් සීඅයිඩී පරීක්ෂණයක් සිදු කරන බවද වාර්තාවේ.

අටවැනි විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවේ සජීවී විකාශ කටයුතු අඩාල වූණේ එහි සජීවී විකාශන කටයුුතු භාරව සිටි රූපවාහිනී නාලිකාවේ ක්‍රියාවක් නිසාදැයි පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙය කිසියම් කඩාකප්පල් කාරී ක්‍රියාවක්දැයි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ අරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහාන් කරයි.