අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතළ ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව ජූලි 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවද එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අවධාරණය කළේය.
“අද දිනයේ සිට තමනට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලනවා.හිටපු ජනාධිපතිවරයාද ධුරයෙන් ඉවත් කළ හැකි වූයේ රටම විරෝධතා භූමියක් බවට පත් වීම නිසායි.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නවා.මෙම අරගලයද ජයග්රහණයෙන් අවසන් කිරීමට හැකියි.”
0 Comments