අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ජනාධිපති සමාව මත නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.
කෙසේවෙතත් ජනාධිපති සමාව මත සිරකරුවකු නිදහස් කිරීමට අදාළ කාර්ය පටිපාටිය සම්පූර්ණ කළයුතු නිසා ඊට යම් කාලයක් ගතවිය හැකි බවට වාර්තාවේ.
මේ දිනවල පාර්ලිමේන්තු ජනපති සටනේ ‘පූර්ව ප්‍රචාරණ සමය ඇරඹී‘ ඇති වකවානුවේ රනිල් වික්‍රමසිංහ මෙම ක්‍රියාවට පෙළැඹී ඇති බව පෙනෙන්නට තිබේ. ඇතැම් තැන්වල ජනතා මතයට පිටුපා කටයුතු කරන බවට විවේචන පවතින අතරේ ජනතා ඉල්ලීමක් ඉටුකිරීමට රනිල් උනන්දුවී ඇත.
0 Comments