රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
මහජන උද්ඝෝෂණ මධ්‍යයේ මැයි මස මුලදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙන් පසු අගමැති ධූරයට පත් වූ වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස අද (ජූලි 15) දිවුරුම් දුන්නේය.
වැඩබලන ජනාධිපති වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟ කරන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කිරීමෙන් පසුවය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙකු සිටියදී එජාපයේ කෙනෙකුට පක්ෂය මගින් සහය දැක්වීම තුළින් මේ තුළ දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව පෙන්නුම් කරයි.
මින් ඉහත රනිල් අගමැති ලෙස පත් වෙද්දී රාජපක්ෂ කන්ඩායම හා රනිල් වික්‍රමසිංහ අතර පවතින 'ඩීල්' එකක් ගැන අදහස් පළවූ අතර මෙවරද එම සැකය තීව්ර කරයි.
0 Comments