sajith-ranil-dulas
අනිද්දා (20) පාර්ලිමේන්තුවේදී පවත්වන්නට යන ඊළඟ ජනපතිවරයා තේරීම පිළිබඳ ඡන්දයේ උණුසුම මේ වනවිට තදින් දැනෙන්ට පටන්ගෙන තිබේ. වර්තමාන ජනතා මතය කුමක්වුවත් මෙහිදී ඡන්දය පාවිච්චි කරන්නේ 2020 කාලයේ පාර්ලිමේන්තු ගිය හා ජාතික ලැයිස්තුවට විවිධ හේතු මත එක්වූ 224 දෙනෙකු පමණි. 

80 ට වැඩි පිරිසක් අරගලය නිසා දේපළ හානියට පත්ව වේදනාවෙන් හා කෝපයෙන් සිටින අයයි. ඔවුන් ඡන්දය දෙනු ඇත්තේ පුද්ගලික ආරක්ෂාවටය. ඇතැමුන්ට බලාපොරොත්තු දී ඇත්තේ 2024 නාමල් එනතුරු රනිල් ඇදගෙන යන කතාවකි.
මෙහිදී පොහොට්ටුවේ තුනෙන් දෙකට ආසන්න වැඩි බලය සහිත රාජපක්ෂ හිතවාදීන් රනිල් සමග එක්වන කතාව නිසා ඔහුට වැඩි වාසි ඇති බව පැහැදිලිය. මේ අතරේ පොහොට්ටුවේ නව බලව්ගයක්වූ ඩලස් සමග එක්කාසු වන පිරිස්ද වැඩිවෙමින් පවතී. පවතින තත්වය විශ්ලේෂණය කරමින් ගණං සාදා ඇති හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අලුත්ම තත්වය අනුව අනාවැකි පළ කර තිබේ.ඔහු පවසන්නේ ඩලස් හා සජිත් එක්වී දෙන්නාගෙන් එක් අයෙකු පමණක් සටනට පිවිසෙන්නේ නම් රනිල් පැරදවීමේ හැකියාවක් පවතින බවයි.
මේ සඳහා නාම යෝජනා ලබාදෙන්නේ හෙට 19 වනදා වන අතර ඊට පෙර රනිල් පැරදීමට රනිල් ප්‍රතිරෝධී පිල එක්කාසුවීම අවශ්‍ය බව ඔහු කියයි.
ඔහුගේ විග්‍රහය පහත පරිදිය.