sajith-will-be-prime-minister

 තම පක්ෂය මගින් යෝජනා ස්ථිරත්වයට පත්කළ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම හෙට 20 ජනපති ධූරය ලබා ගන්නට සමත්වන්නේ නම්,


සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රධාන පක්ෂ දෙක සමඟ එකතු වී දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ජනතාවගේ අපේක්ෂාව බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් ඩලස් අලහප්පෙරුම මහතාට සහය දැක්වීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ බව කියැවෙතත් ඒ සම්බන්ධයෙන් සභාපති වන තමාට
මහලේකම්වරයා තවමත් පිළිතුරු ලබා දී නොමැති බවද පක්ෂයේ බෙදීමක් ඇති බවද ජී එල් පීරිස් මහතා පැවසීය.