sanath-nishantha-speaks

පුත්තලං දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අරගලකරුවන් සම්බන්ධයෙන් කියූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විවාදයට තුඩුදී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ කීය.


''බංකොලොත් වෙච්ච පෙරටුගාමී පක්ෂය, 3% කඩා වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ කණ්ඩායම ගෑස් පෝලිමේ ඉන්න ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාව ඒකරාශි කරගෙන පටන් ගත්ත අරගලය මේ කැරැල්ලට හරියටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුහුණ නොදුන්න එකේ ප්‍රතිපලයක් විදිහට එතුමාට සිද්ද වුණා ජනාධිපතිධුරය දාලා රට අතෑරලා යන්න.

මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් උනා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්දනය කරගත්තානං අද මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ''

 ''නවගුණවැල කරේ දාගෙන හරියන් නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලයක් හැටියට මෙහෙම වුනේ මම හිතන්නේ''

''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ගිය වෙලාව මගෙත් එක්ක කිව්වා සමහර වෙනම කුටි තියෙනවා ගංජා ගහනකුටි,

සමහර කුටි තියනවා අයිස් ගහන කුටි, සමහර කුටි තියෙනවා හෙරොයින් ගහන කුටි. ඔබ තමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් ලියාපදිංචි අංකයක් තියන තියන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?''