අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසල් හයක සිසු සිසුවියන් පිරිසකට පාසල් නිම වීමෙන් පසු නිවෙස්වලට යාමට බස් රථ සහ වෑන් රථ නොමැති වීමෙන් ඔවුහු ඊයේ (26) වැඩී අපහසුතාවකට පත් වූහ. අනුරාධපුර නගරයේ පාසල්වලට සිසුන් පාසල් වෑන් රථවලින් ඊයේ (26) පෙරවරුවේ පාසල්වලට රැගෙන ආවත්, ඔවුන් නැවත නිවෙස්වලට ඇරලීමට වෑන් රථවලට ලංගමයෙන් ඉන්ධන ලබා ගැනීම ප්‍රමාද වීම නිසා ඔවුන්ට ඊයේ සවස් වනතෙක්ම නගරයේ රැඳී සිටීමට සිදු විය.මෙම දරුවන් කැකිරාව, දඹුල්ල ආදී ප්‍රදේශවල දුෂ්කර ගම්මානවල සිට පැමිණි සිසු සිසුවියන් වන අතර, දැඩි වර්ෂාව මැද්දේ ද ඔවුන් ඊයේ සවස් වනතෙක්ම පාසල් ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබිණි.
පාසල් වාරය ආරම්භ කිරීමත් සමගම පාසල් සිසුන් ප්‍රවාහනය කිරිම සඳහා වෑන් රථවලට සහ බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන නිකුත් කරන බවට රජය කළ දැනුම්දීමට අනුව පාසල් වෑන් රථ හිමියන් සහ පාසඉල්ලා සිටිය ද අවශ්‍ය ඉන්ධන නොලැබුණු බව ඔවුහු සඳහන් කළහ. මේ පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ, ඉන්ධන ලබා ගැනීමේ ගැටලුකාරී තත්වය ගැන වාහනවල රියැදුරන් අධ්‍යාපන අමාත්‍යවරයාත්, ඛනිජ තෙල් අමාත්‍යවරයාත් දැනුවත් කිරීමෙන් පසු ඊයේ දහවල් 12.30ට පමණ වෑන් රථ යම් ප්‍රමාණයකට ඉන්ධන නිකුත් කර තිබූ බවය.
එහිදී වාහන යම් ප්‍රමාණයකට ඉන්ධන ලබාදුන්න ද පාසල් සේවාවේ වාහන විශාල ප්‍රමාණයකට ඉන්ධන ලබාදීමට නොහැකි වීමෙන් සිසුන් අපහසුතාවට පත් වූ බව ද ඔහු කීවේය. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අනුරාධපුර ඩිපෝ කළමනාකාර පී. කළුආරච්චි මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු මෙසේ කීවේය.
අපේ ඩිපෝවට ඉන්ධන බවුසරය එන විට උදේ 10.45 පමණ වුණා. තෙල් බාලා අවසන් වන විට තවත් විනාඩි හතළිස් පහක් පමණ ගත වුණා. දහවල් එකොළහයි දහයට පමණ පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථවලට සහ බස් රථවලට තෙල් බෙදා දීම පටන් ගත්තා. එහෙත් පාසල් අරින වෙලාව වන විටත් ඉන්ධන ලබාගැනීම සඳහා තවත් වාහන විශාල ප්‍රමාණයක් පෝලිමේ තිබුණා. යැයි ද ඔහු සඳහන් කළේය.
0 Comments