school-start-date-25-july

 මින් පෙර දන්වා සිටි පරිදි 21 වනදා පාසල් ඇරඹීමට නියමිතව තිබුණත් එය 25 දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

21 වනදා දිනයේදී පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයකින් දන්වා ඇත.



එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇත.

නිවේදනය පහතින්