shinso-abey-uncle

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූයේ පසුගියදාය. ඔහුගේ අවසන් කටයුතු අද (12) අඟහරුවාදා ජපානයේදී සිදු කෙරෙන්නේ පුද්ගලික හිතවතුන් කිහිපදෙනෙකුට පමණක් සීමා කළ උත්සවයකිනි.
මෙම ඝාතනය ගැන තවමත් බොහෝ අයට කම්පනය අහවර නොවූ සිද්ධියකි.
ඒ අතර විවිධ කථාබස්ද පැනනැගී තිබේ.

වෙඩි තැබූ ස්ථානයේ ආරක්ෂක නිලධාරියා සැකකරු යටපත් කරන ඡායාරූපය ගැන කථාබහක් මතුව ඇත, ළා කොළ පැහැති අත් කොට කමිසයක්, කළු කලිසමක් සහ තොප්පියක් හැඳගත් වයෝවෘද්ධ මිනිසෙක් එම ස්ථානය පිටුපස අසලින් ගමන් කරන ආකාරයත් කලබලය දුටු ඔහු සන්සුන්ව සිටීමත් චකිතයක් හෝ බියක් නොදැක්වීමත් මෙම කතාබහ අතර එක් මාතෘකාවකි.
ඒත් සමහර අය සමාජ මාධ්‍ය තුළ සටහන් තබා ඇත්තේ ‘වයසක මාමාට වෙලාවට ප්‍රතිචාර දක්වන්න බැරි කෙනෙක්...  තාමත් ඒ සීන් එකේ වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ‘ යනුවෙනි.
 "ඔහු තාමත් කල්පනා කරන්නේ වෙච්ච දේ ගැනද?",
 "එතකොට තත්පර කිහිපයකින් කුමක් වෙයිද? මගීයෙකු හැටියට දන්නවා කරන්නේ කුමක්ද? ඔහු එය මග ඇරියා...

ෂින්සෝ අබේ වෙඩි තැබීමේ සැකකරු වන 41 හැවිරිදි Yamagami Tetsuya  ලෙස හදුනාගෙන ඇත. ඔහු නාරා නගරයෙහි පදිංචිකරුවෙකි.ඔහු ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ සාමාජිකයෙකු වූ අතර 2005 පමණ වන තෙක් වසර තුනක් පමණ සේවය කළේය. දැන් විරැකියාවෙන් පෙළෙන්නෙකි.
 මිනීමැරුම් චෝදනාව මත Toruya Yamagami නාරා ප්‍රාන්ත දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලය වෙත ඔහු භාර දී තිබේ.