siyabalangamu-incident

 තම සුළං යන්ත්‍රයට යටවූ සහෝදරයාගේ මරණය පිළිබඳ සත්‍යය වසන් කිරීමට තැත් කළ ඔහුගේ වැඩිමල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව මොරගොල්ලාගම පොලීසිය කියයි. සියඹලන්ගමුව වෙල් යායේ ගොයම ඉකුත් රාත්‍රියේ දී සුළං කරන අවස්ථාවේ දී තම බාල සහෝදරයා වෙල් යායේ වැටී සිටි බව පවසමින් ඔහුගේ වැඩිමල් සහෝදරයා විසින් රෝගියා නිකවැව රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියේය. රෝහල්ගත කිරීමෙන් අනතුරුවලට ප්‍රතිකාර ලබමින් සිටි රෝගියා සුළු වේලාවකට පසුව මරණයට පත්ව ඇති අතර ශරීරයේ තිබෙන තුවාල දැක මතු වූ සැකය මත පොලීසිය සිද්ධිය සම්බන්ධව මහව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. පසුව මහව වැඩබලන මහේස්ත්‍රාත් උදය රාජපක්ෂ මහතා නිකවැව රෝහලට පැමිණ මෘත දේහය පරික්ෂාවට ලක් කර අධිකරණ වෛද්‍යවරයකු යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතූව අධිකරණයට වාර්තා කරන ලෙසට පොලීසියට නියෝග කළේය.



ඒ අනුව කුරුණෑගල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එම්. එච්.කේ. සේනානායක මහතා පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එය යම් අනතුරකින් අභ්‍යන්තර කොටස්වලට සිදුවී තිබෙන හානි නිසා වූ මරණයක් බවට ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව රෝහලට රෝගියා ඇතුළත් කළ සහෝදරයාගෙන් මොරගොල්ලාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.සී.ජේ. රත්නායක මහතා වැඩිදුර ප්‍රශ්න කළේය.  එහිදී මගේ මල්ලී මත්  පැන් පානය කොට වෙල්යායේ තණකොළ සීමාවේ නිදා සිටියදී එය නොදැක රාත්‍රියේ දී ධාවනය වූ තම සුළං යන්ත්‍රයට යට වූ බවත් පැවසීයැයි පොලිසිය පැවැසීය. රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය නිසා සිද්ධිය හෙළි නොකර වසන් කිරීමට කටයුතු කළ බවට හෙතෙම අනාවරණය කර ඇති බවත් පොලීසිය ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර්.එම්.සී.ජේ. රත්නායක මහතා වැඩිදුර ප්‍රශ්න කළේය. එහිදී මගේ මල්ලී මත් පැන් පානය කොට වෙල් යායේ තණකොළ සීමාවේ නිදා සිටියදී එය නොදැක රාත්‍රියේ දී ධාවනය වූ තම සුළං යන්ත්‍රයට යට වූ බවත් පැවසීයැයි පොලිසිය පැවැසීය.



රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය නිසා සිද්ධිය හෙළි නොකර වසන් කිරීමට කටයුතු කළ  බවට හෙතෙම අනාවරණය කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි. මෙලෙසම මරණයට පත්ව ඇත්තේ අවුරුදු 44 ක් වයසැති විවාහක දෙදරු පියකු වන ගැමුණු විජේසුරිය නමැත්තකු වන අතර ඔහුගේ බිරිය ගෘහ සේවිකාවක ලෙසට විදෙස් ගතව සිටින බව පොලීසිය කියයි. සත්‍යය වසන් කළ සහෝදරයා හා අනතුර සිදුකළ සුළං යන්ත්‍රය පොලිස් බාරයට ගත් බවත් සැකකරු මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, පොලීසිය කියයි.


 සිසිර කැලේගම