පවතින ආර්ථික ගැටලු හා ඒ නිසාම මතුවූ දේශපාලන පෙරළි හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව තුළ කොන්වීමේ අවදානමක් මතුව ඇති බවට සංචාරක අංශයෙන් පසුගිය දිනවල තොරතුරු ලැබුණ අතරම මේ වනවිට ජාත්‍යන්තර අධ්‍යාපනික ක්ෂෙත්රයද ශ්‍රී ලංකාවට බාධා ඇති කරමින් පවතී.
2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා බ්‍රිතාන්‍යෙය් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් ඔවුන්ට සිසුන්ගේ ගෙවීම් කටයුතු ගැනද සැකමතුව ඇති අතරම අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණදීමට පවතින අකමැත්ත මත ශ්‍රී ලංකාවේ සිසුන්ව ප්‍රතික්සේප කර ඇතැයි දැනගන්නට ලැබේ.
දැනට සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවා නොමැති නිසා මෙම සැකය අදාළ ආයතන ප්‍රධානීන්ට මතුව තිබේ.
තුන්වන ලෝකයේ ඇතැම් රටවල් සඳහා මෙවැනි නීති එකී විශ්ව විද්‍යාලය වරින්වර පනවන බවද දැනගන්නට ලැබේ.
මුදල් ගෙවීමට බැරිවූ ලංකාවේ සිසුන් පාඨමාලාවෙන් ඉවත් කරන බව දැන්වූ පසු බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයට ගොස් එම සිසුන් පැමිණිල්ලක් කර ඇති අතර මෙම අනවශ්‍ය ගැටලු සම්බන්ධ කරදරවීමට අකමැති යයි පවසා සරසවි කළමනාකාරීත්වය මෙකී තීරණය ගෙන තිබේ.
0 Comments