අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමන් වළකින ලෙස එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ බහරේන් එම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් තම පුරවැසියන්ට උපදෙස් දී ඇත. ඕස්ට්‍රේලියාවද සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් කොළඹ පුරා ප්රචණ්ඩ විරෝධතා පැවැත්වෙන බැවින් ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන ලෙස එරට පුරවැසියන්ට උපදෙස් දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඕස්ටේර්ලියානු මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලවලට අයත් පවුල්වල සාමාජිකයන්ට ස්ව කැමැත්තෙන් පිටවීම හෝ රැදී සිටීමට ඕස්ට්‍රේලියානු රජය අවසර දී ඇතැයි යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇති බවත් දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවත් බ්‍රිතාන්‍ය යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වේ. ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන්ට ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීමෙන් වැළකී තමන් සිටින හෝටලයේ හෝ නේවාසිකාගාරයේ රැදී සිටින ලෙසද බ්‍රිතාන්‍ය රජය උපදෙස් දී ඇත. ශ්‍රී ලංකාවේ ඉන්ධන, ඖෂධ, ආහාර සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් තිබෙන බවත්, කොළඹ පුරා ප්රචණ්ඩ විරෝධතා පැවැත්වෙන බවත් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත් එම සංචාරක උපදේශනවල දැක්වේ.
0 Comments