sudarma-neththikumara-jayawardane

ඇය බොහෝ අභියෝගවලට මුහුණ දුන්නාය. තමන්ගේ පුතා මියගිය සොවින් ඇය කලක් නිහඩව සිටි අතර, ඒ දුක මකාගැනීමේ අරමුණෙන් කලා ක්ෂේත්‍රයට යළි අවතීර්ණ වූවාය. බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ඇය, තමන්ට එල්ලවූ චෝදනා වලින්ද නිදොස් කොට නිදහස් වූයේ, ඒ සියල්ලට නිරිභීතව ඇය මුහුණ දුන් නිසාවෙනි. ඇය කලකට පසු නිෂ්පාදනය කළ " කොළඹ ඉතාලිය" ටෙලිනාට්‍යය ස්වාධීන රූපවාහිනී සේවයේ ටෙලිනාට්‍ය අතර පළමු තැනට පත්වීමට තරම් සමත් විය.
'ගඟ අද්දර, භාර්යාවෝ' වැනි ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කරමින්ද, විදෙස් ගායක ගායිකාවන්ගේ ප්‍රසංග මෙරට සංවිධානය කිමෙද ඇය බොහෝ දෙනාගේ කතාබහට ලක්වූවාය. රුවෙන්ද කාගේත් ආකර්ෂණය දිනාගත් ඇය නමින් සුධර්මා ජයවර්ධනය'කොළඹ ඉතාලිය" ටෙලි නාට්‍ය පිළිබඳවත්, යළි තවත් ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අතගැසීම පිළිබඳවත් ඇය "රසවින්දන" හමුවේ කතාබහකට එක්වූවාය. මේ ඇයගේ කතාවයි. "කලෙකට පස්සේ මගේ අලුත් ටෙලී නාට්‍ය 'කොළඹ ඉතාලීය ඉහළම තැනට ඇවිත්. ඒ ගැන මට ඇත්තේ ලොකු සතුටක්. මම කළ හැම ටෙලි නාට්‍යයක්ම ප්‍රේක්‍ෂකයෝ අතර ජනප්‍රිය වුණා. කොළඹ ඉතාලීය ටෙලීනාටය. කළේ මන්ද්‍රව්‍ය හා මිනිස්සු පිටරට යවන ජාවාරම්කාරයෝ ගැන කියන්නයි.

මේ රටේ. දැවෙන ප්‍රශ්නයක් ගැන මම කතාකළේ. ඇත්තෙන්ම මේක හරීම ඛේදවාචකයක්. මේ හරහා මිනිසුන්ට හොඳ පණිවිඩයක්  මට දෙන්න ලැබුණා කියලයි මට හිතෙන්නේ ඒ නිසාම තමයි මේ ටෙලිනාට්‍ය අංක එයට තේරුණේ. අවුරුදු ගණනාවකට පස්සේ දිගටම ගිය ටෙලිනාට්‍යයක්. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙන්නේ.

ඉදිරියටත් මම ටෙලිනාට්‍ය කීපයක් කරන්න ලස්තිවෙනවා. මට කාලයක් ඇතිවූ ප්‍රශ්නත් එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා නිහඩව හිටියේ. මගේ පුතාගේ මරණයත් එක්ක ගොඩාක් කාලයක් මානසිකව වැටිලා හිටියේ මට මම මලා නැගිට්ට කෙනෙක්. මම දැන් ඒ සියල්ල අමතක කරන්න නම් වැඩවල යොදන්න ඕනේ. මට අද නැගිටින ශක්තිය දුන්නේ මගේ සැමියා. ඔහු මාව කෙළින් කරලා උඩට අරන්, මේ කලා කටයුතු ආපසු කරන්න කියලා ශක්තිය දුන්නා, ඒ නිසාම තමයි මම යළි වැඩ කරන පටන්ගත්තේ.මගේ සැමියා නුවන් ජයවර්ධන. හොඳ නීතිඥවරයෙක්, ඔහු නීතිඥ සංගමයේත් ඉන්නවා. ඔහු හැමවිටම මට ලොකු ශක්තියක්. මම සිවගුරුනාදන් එක යළි පවුලේ කතාවක් රැගත් ටෙලිනාට්‍යයයක් කරනවා. පවුල තුළ ඇතිවන ප්‍රශ්න තමයි මම කතාකරන්නේ. පසුගියදා මට මඩගහපු අයට හොඳ උත්තරයක් දෙන්න මට පුළුවන් වුණා.

අවුරුදු 10ක් ගිහින් තමයි මම නිදොස් කොට නිදහස ලැබුණේ. බොරු චෝදනා හදලා මට අපහාස කරශ්න හැදුවා. දේශපාලනය බලය පාවිච්චි කරලා මිනිසුන්ට මෙහෙම කරන අයට හොඳ පිළිතුරක් අද දීලා තිබෙනවා, දේශපාලනඥයෝ දැනගත යුතුයි හැමදාම බලය තිබෙන්නේ නැති බව. ඉස්සර තමයි ඔය වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ, අද මිනිස්සු හරි දැනුවත්, දැන් බුද්ධිමත්, බලය නැතිවූ දාට සියල්ල ඉවරයි කියලා හිතාගෙන වැඩ කරන්න දැනගත යුතුයි. මට ලැබුණු තීන්දුවෙන් එයට හොඳ පිළිතුරක් ලැබී තිබෙනවා.අද දවසේදී කලාවේ නියැළෙන්න හරිම අමාරුයි. මොකද රටේ සියල්ල වෙනවෙලා "කොළඹ ඉතාලිය" ටෙලිනාට්‍යය ඉවර කරද්දි අපිට ලොකු සටනක් දෙන්න වුණා. හැබැයි මම ඒ දේවල් කොහොම හරි කළා. මම මිනිසුන්ට ගොඩාක් උදව් කළා. අද මිනිස්සු හරීම අමාරුවෙන් ජීවත්වෙන්නේ. තනි පුද්ගලයෙක් විදිහට අපිට මේ සියලුදෙනාටම උදව් කරන්න අමාරුයි. මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. අත අසරණයි. අද සල්ලි තිබෙන මිනිසුන් අසරණවෙලා. ඔවුන්ගේ වැඩ කටයුතු අඩාල වෙලා හරිම කණගාටුයි මේ රටට අද වෙලා තිබෙන දේ ගැන දැක්කම"

(සාකච්ඡා සටහන  - සමන්ත යහම්පත් lankadeepa)