බොරැල්ල ටිකල් පාරේ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල අසල පෝලිමේ රැඳී සිටියදී මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කොළඹ නාගරික මරණ පරීක්ෂණ උසාවියේ සාක්ෂි ලබාදුන් මියගිය අයගේ බිරිය
අංගොඩ, ගොතටුව පදිංචි සුජීවා ගුණරත්න ලබා දෙමින් මෙසේ පැවසුවාය.
'මෙලෙස මියගොස් ඇත්තේ මගේ මහත්තයා. හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න. එයා විශ්රාමික බැංකු කළමනාකරුවෙක්. වයස 60 යි. අංගොඩ, ගොතටුව, වැලිකඩ පාර ආසිරි පෙදෙස පදිංචිව සිටියා.
ඔහු සමග විවාහ වෙලා වසර 34ක් වෙනවා. අපිට දුවෙක් ඉන්නවා. දුවට අවුරුදු 28යි. ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොන්ත්රාත් පදනම මත ක්රියාත්මක පුද්ගලික ආයතනයක සේවය කරනවා.
මහත්තයා උදේ 6.30ට විතර නිවසේ සිට ඔහුගේ සී.ඒ.එල්. 7322 දරන කාර් රථය පදවාගෙන බොරැල්ල අයි.ඕ.සී. එකට ගියා. තෙල් පෝලිමේ ඉන්න කොට මහත්තයාට සිහිය නැතිව ගොස් තිබෙනවා. ඊට කලින් එතන හිටපු අය සමග තේ බීලා තියෙනවා.
මහත්තයාට සිහිය නැතිවෙලා කතා කිරීමට නොහැකි වීම නිසා ගිලන් රථයකට කතා කරලා රෝහලට අරන් ගොස් තිබෙනවා. රෝහලේදී මහත්තයා මියගොස් තිබෙන බව සනාථ කළා '.
0 Comments