ශ්රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 7.11 ට පමණ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් António Guterres විශේෂ ප්රකාශයක් නිකුත් කර තිබේ. එහිදී සඳහන් කර ඇත්තේ,
‘මම දිගටම ශ්රී ලංකාවේ තත්ත්වය ඉතා සමීපව විමර්ශනය කරමි. ගැටුමේ මූල හේතු සහ විරෝධතාකරුවන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් ඇහුම්කන්දීම වැදගත් වේ. සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී බල සංක්රාන්තියක් සඳහා කවුරුත් එක්වන ලෙස මම සියලුම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටිමි.‘
0 Comments