vajira-abeywardane-parliament

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ.  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරිණ.


ජනපති පදවිය ලබීමෙන් පසු රනිල් වික්‍රමසිංහට හිමිව තිබූ පාර්ලිමේන්තු අසුනින් ඔහුට ඉවත්වීමට සිදුවිය.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී එකදු ආසනයක් හෝ දිනා නොගත් එජාපයට එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවූයේ මැතිවරණ පනතේ හැටියට සියයට 5 ට වඩා ඡන්ද ප්‍රතිශතය හිමි පක්ෂයට ලැබෙන ප්‍රසාද ආසනය ලෙසිනි.
 මෙම ආසනය මුලදී කිසිවෙකු ලබා නොගත් අතර රුවන් විජේවර්ධන එයට පත්කරන බව පවසමින් කාලය ගතවී තිබී මාස 10 කට පසු රනිල් වික්‍රමසිංහ ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු ආවේය.



ආර්ථික අර්බුදය සමග පොහොට්ටු පක්ෂය කඩා වැටීම නිසා රනිල්ට එම පක්ෂයේ මුහුණුවර වෙනස් කර පෙන්වීමේ අවස්ථාවක් ලෙස අගමැති ධූර වරමක්ද පසුව ජනපති ධූරයටද ගමන් කිරීමට අවස්ථාව උදාවූ අතර නැවත අසුන හිස්වීමෙන් පසු වජිර අබේවර්ධන ඒ සදහා නම් කර තිබේ. ඔහුද පසුගිය මැතිවරණ පරාජයෙන් පසු මේ දක්වා දිගටම නිවසේ සිටි අයෙකි.