ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගාලු මුවදොර අරගල භූමියේදී ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා විය.
ප්‍රහාරය හේතුවෙන් ඔහුට හානියක් සිදු වී නැති නමුත් සමරසිංහ මහතා ඉක්මනින්ම එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව වාර්තා විය.ගාලු මුවදොර අරගල භූමියේ පැවති හමුවක් ආමන්ත්‍රණය කරමින් සිටියදී පිරිසක් සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එම පිරිස ඔහුට මෙලෙස පහර දුන් බවද අරගල භූමියෙන් ලැබෙන වාර්තා පවසයි.
මෙම සිද්ධියෙන් අනතුරුව ජවිපෙ ආධාරකරුවන් සහ තවත් අරගලකරුවන් පිරිසක් අතර නොසන්සුන්තාවක් සහ ගැටුම්කාරී තත්වයක් ද ඇතිවනු දක්නට ලැබිණි.
0 Comments