wijedasa-rajapaksa-speaks

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සලසමින් සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ඉල්ලා අස්වීම් භාර දෙන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද 11 දහවල් පැවසීය.


අද දින පැවති නිල නොවන කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ ගැන කීය.
ජනපති රහිතව කැබිනට් මණ්ඩලයට රැස්වීමට නොහැකි නිසා අද 11 දින කැබිනට් ඇමතිවරුන් ස්වේච්ඡාවෙන් රැස්වී විශේෂ රැස්වීමක් පැවැත්වූ බව කියා සිටි රාජපක්ෂ මහතා මෙහිදී සියලුම කැබිනට් ඇමති වරු ධූරවලින් ඉවත්වී අලුතින් පිහිටුවන්නට යන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය ලබාදෙන බවට ඒකමතිකව තීරණයකට එලැඹි බව කියා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා දෙතුන් දෙනෙකු හැර සියලුම කැබිනට් ඇමතිවරු එක්වූ බවද ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව ඉදිරියේ පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුවකදී කැමති කෙනෙකුට තනතුරු ලබාගැනීමට හැකි වන සේ තමන් කන්ඩායම ඉවත්ව යන බවද ඔහු පැවසීය.