wimal-speaks

ඊයේ (ජූලි 04) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.

“මේ අර්බුදයෙන් පීඩාවට පත් වන මහජනයාට කවුද මොකක්ද කියන්නේ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නැහැ.  මහජනයට පේන්න නැහැ. කතානායකතුමනි, මිනිස්සු පෙළෙන්නේ ඉතා ම බරපතළ පීඩාවක අඩු ගාණේ ඒ මිනිස්සුන්ට හිතට දැනෙන්න සහනයක් හෝ බලාපෙරොත්තුවක් පේන තෙක් මානයක නැහැ.

අපි විපක්ෂයේ හිටියා කියලා මේකෙන් කාලකන්නි සන්තෝසයක් ලබන්නේ නැහැ. අපිට ත් ඒ මිනිස්සුන්ගේ පීඩාවෙන් ගොඩ එන්න පුළුවන් නම් අපිත් උත්සහ දරනවා මොකක්ද කරන්න පුළුවන් කොයි රට ත් එක්ක ද කතා කරන්න පුළුවන් කියලා.

අවාසනාවකට මේ තියෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් නෑ. කවුරුහරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කරහම ජාත්‍යන්තර විශ්වාසයක් ඇති වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දයෙන් පැරදිච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් ආපු තනි පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අගමැති කරා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. කරුණා කරලා දැන්වත් මේක අර්බුදයෙන් අර්බුදයට උත්සන්න වීමට නොදී අපි පක්ෂ ටික එකතුවෙලා සාකච්ඡා කරලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගන්න වැඩපිළිවෙලකට යන්. ගිනි කන්දක තියෙන්නේ මේ රට. ගිනි කන්ද උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා මෙතන.”