හදිසි නීතිය සම්මත කිරීම සඳහා තමා අද (27) දිනයේ සිය පක්ෂ 10 කන්ඩායමේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පවසයි.
පක්ෂ 10 සාමාජිකයින් අතර ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ මෙසේ කියා සිටියේය.
“හදිසි නීතිය සම්බන්ධයෙන් මේ තියන තත්ත්වය තුළ අපේ රටේ හමුදාවට, පොලීසියට කෙලින් කටයුතු කරන්න වගේම මේ රටේ බෙදුම්වාදය නැවත හිස ඔසවන තත්ත්වයක් අපට පේන්න තියෙනවා. ඒ එක්කම ප්රජාතන්ත්රවාදය අහෝසි වෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා ඊනියා අරගලය හා ඊනියා ප්රජාතන්ත්රවාදී නිදහස එක්ක යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.
ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ වේලාවේ සාමකාමී අරගලවලට නෙමෙයි ඊනියා අරගලකාරීත්වය සම්බන්ධයෙන් ආරාජිකත්වයට යන තත්ත්වය තුළ මම තීරණය කරනවා පැහැදිලිවම හදිසි නීතියට පක්ෂව ඡන්දය දෙන්න. විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂක හමුදාවන් ට නිවට මහා වාග් ප්‍රහාර දෙන අද සමහර ආරක්ෂක නිලධාරීන්ගේ දරුවන්ට උගන්වන්නේ නෑ කියන, ආරක්ෂක නිලධාරින්ගේ දරුවන්ට බෙහෙත් දෙන්නේ නෑ කියන මෙවැනි තත්ත්වයන් අපි පාලනය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපි නොබියව කියන්න ඕනේ අපිට කරන පීඩනයන්ට බලපෑම්වලට අපි යටවෙන්නේ නෑ.”
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ,
ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ විදේශීය බලවේගයන්ට අවශ්‍ය පරිදි දැනුවත්වම මෙහෙයවීමේ ක්‍රියාවලියක් පවතින බවය.
“ඇති වෙමින් යන සමහර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අනුගමනය කරන පිළිවෙත, මේ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය වුවහොත් රටේ ඇති විය හැකි අවධානම් සහගත තත්ත්වය විශේෂයෙන්ම රට සාමාන්‍ය අතට පත්වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය අතට පත්වෙන්න නොදී මේ ආර්ථික අර්බුදයෙන් වෙනත් අයුතු විදේශීය බලවේගයන්ට ඕන කරන විදියේ අරමුණකට දැනුවත්ව යොදාගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි. ඒක ගැන අපි දිගින් දිගටම කරුණු අනාවරණය කළා. සිදුවෙමින් යන මේ අපරාධකාරී මෙහෙයුම වළක්වන්න මැදිහත් විය යුතුයි කියලා තීරණය කළා.”
0 Comments