wimal-speaks

අද (20) දින පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස තේරී පත්වූ පසු මාධ්‍ය වලට අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශ මෙසේ කියා සිටියේය.


'අද රනිල්ට ඡන්දෙ දීපු බහුතරය පොහොට්ටුවේ අය. ඒ අයට තිබුණ ලොකුම ප්‍රශ්නේ ගෙවල් ගිනි තියලා ඇති කරපු බයයි.මහජන පීඩනයයි. රනිල්ව ඒ අය තෝරන්නේ ඒ බය නැති කරලා දේවි ගෙවල් හදලා දේවි කියලා.ඒ ගොල්ලන්ගෙ පුද්ගලික ප්‍රශ්න විසදගන්න. ඒ අය හිතනවා 88-89 කාලේ විදිහට රනිල්ට පුළුවන් විරුද්ධ අය මර්දනය කරල දෙන්න කියලා.ඒත් ඒ කාලේ මේ වගේ සමාජ මාධ්‍ය තිබුනෙ නැහැ.ෆෝන් තිබුනෙ නැහැ. ඒ කාලෙ කරා වගේ රහස් වැඩ දැන් කරන්න බැහැ. එයින් වෙන්නෙ තවත් විරෝධය වැඩි කරගන්න වෙන එක විතරයි.'


ඔබට රනිල්ගේ තේරී පත්වීමෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?
'මට ඉගෙන ගන්න තියෙන එකම පාඩම මිනිසුන් බියට පත්වුනාම ඒ බියට ආමන්ත්‍රණය කරලා ඕනම වැඩක් කරගන්න පුලුවන් තක්කඩි කම.. විතරයි'
ඔබේ ඊළග පියවර?
'අපි විපක්ෂෙ ඉදලා ජනතාව වෙනුවෙන් වැඩ කරනවා.ඉදිරියට කරන්න ඉන්න දේ ගැන සාකච්ඡා කර නැහැ තවම'
ඒකාබද්ධ විපක්ෂයක් හදනවද?
'සමහරවිට එහෙම කරන්න පුලුවන් ඒ ගැන තවම වෙලාව මදි කියන්න'