wimal-vasu-gammanpila-dulas

හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරු  ඇතුළු ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුම මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ. 




මේ වනවිට ශ්‍රීලනිප, සජබ යන පක්ෂත් ඩලස්ගේ සහායට සිටින බව ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කර ඇති අතර මුස්ලිම් කොංග්‍රසය දන්වා ඇත්තේ සජබ තීරණය අනුව යන බවයි. පොහොට්ටුවේ කොටසක් හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ කොටසක්ද ඩලස්ගේ සහයට සිටිනු ඇති බැවින් හෙට තියුණු තරගයක් දැක ගත හැකිවනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.