බණ්ඩාරගම නාමළුව ප්‍රදේශයේ වෙළඳ සැලකට පැන මුදල් කොල්ලකෑමට උත්සාහ දැමේදී එය වැළක්වූ වෙළද සැල් හිමිකාරිනියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර පලා ගොස් සැගව සිටි 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවට ගත් බවබඩාරගම පොලීසිය පවසයි. එම පහරදීමෙන් 33 හැවිරිදි වෙළඳ සැල් හිමිකාරියගේ උදර ප්‍රදේශයට සහ දකුණු අතෙහි උර බාහුවට තුවාල සිදුවී ඇත. සැකකාර පිරිමි ළමයා එම වෙළද කලට ඇතුළු වී ලාච්චුවට අත දමන අවස්ථාවේදී වෙළඳ සැල් හිමිකාරිය ඒ බව දැක බලාවැදී ඇති අතර එම අවස්ථාවෙිදී අත තිබූ කුඩා පිහියකින් ක්වෙළද සැල් හිමිකාරියට තුවාල සිදු  කර පලාගොස් තිබූ බවද පොලිසිය පවසයි.ස

ැකකාර පිරිමි ළමයා මීට පෙර අවස්ථා කිහිපයකදීද සිය වෙළෙද සැලේමුදල් කොල්ලකෑමට උත්සාහ දැරූ බවට වෙළඳ සැල් හිමිකාරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය. තුවාල ලද කාත්තාව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගෙන තිබේ. සැකකාර පිරිමි දරුවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව දෙමාපියන්ට භාරදීමට කටයුතු කළ බවත් අද දින පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. බන්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.සී.රාප්පක්ෂ මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.


(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන්)