ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා අනුමැතිය ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර මීට සති ගණනාවකට පෙර ගෙනා ආ කෙටුම්පතට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යෝජනා කළ ජනාධිපතිවරයාගෙ බලතල වැඩිවන අතිරේක විධාන තිබූ නිසා එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින්ගේ අනුමැතිය හිමි වූයේ නැත.
අද (1) දින ඉදිරිපත් කරනු ලැබුවේ ජනපති විධායක බලතල රැසක් ඉවත් කළ එකක් වන අතර මෙම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබෙනු ඇති බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විශ්වාසය පළ කරයි.
ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂ නායකයින් සියල්ල ගේ අනුමැතිය ලැබුනු පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත විය යුතුය.
0 Comments