මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පැතිරයන ඡායාරූපයකින් පෙන්නුම් කරන්නේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්තගේ අත්ල මතට ඇමරිකානු තානාපතිවරිය පරිප්පු ඇට වත්කරන ආකාරයයි. ඇය සමග ඇමරිකානු නියෝජිතයෙකුද එම ඡායාරූපයේ සිටී.
පාසල් දිවා ආහාර වෙනුවෙන් ඇමරිකානු ප්‍රදානයක් සිදු කළ අවස්ථාවක් වූ මෙය ඊයේ වත්තල පැවති උත්සවයකදී ලබාගත් ඡායාරූපයකි.
මේ ගැන පළවන විවේචන වලින් පැවසෙන්නේ කලකට ඉහත පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාව දැන් පරිප්පු ඇටයට පවා දෑත් දිගු කරන අසරණ තැනට වැටී ඇති බව පිළිබිඹු කරන්නක් බවයි.
පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙම ප්රදානය යටතේ මෙරටට ලැබී ඇත. ඊට අමතරව රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් ද ලැබුණි.
ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය (Julie Chung) වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් මෙම භාරදීම සිදු කෙරිණි.
‘සේව් ද චිල්ඩ්රන්’ ආයතනයේ සෘජු මැදිහත්වීම මත එම ආයතනය හා අධ්‍යාපන, මුදල්, සෞඛ්‍ය යන අමාත්‍යාංශ තුන ම ඒකාබද්ධ ව දියත් කෙරෙන මෙම පෝෂණ වැඩසටහන මගින් සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීමටත් ඉගෙනුම් අවධානය වැඩි කිරීමටත් ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීමටත් අපේක්ෂිත අතර එමගින් සිසුන්ගේ ඉගෙනුම් නිපුණතා වැඩිදියුණු කිරීම මුඛ්‍ය අරමුණ වී ඇත.
0 Comments