සහල්, සීනි, තිරිඟු පිටි, පරිප්පු, බිත්තර, කිරිපිටි, LP ගෑස් සහ සිමෙන්ති ඇතුළු භාණ්ඩ 48ක් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම සහ විකිණීම සඳහා කොන්දේසි පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි.
ඒ යටතේ පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බවට ද එම ගැසට් නිවේදනයේ කොන්දේසි පනවා තිබෙයි.
එමෙන්ම භාණ්ඩයක් අලෙවි කරන සෑම අවස්ථාවකම එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බවට ද අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්ය.
ගැසට් නිවේදනය පහතින්
0 Comments