Sanna-Marin-dance


ෆින්ලන්ත අගමැතිනි සානා මැරින් සාදයකදී නර්තනයේ යෙදෙන වීඩියෝවක් ට්විටර් හරහා සමාජගත වීමත් සමඟ ඇය දැඩි විවේචනයට ලක්ව තිබෙයි. මෙම සිද්ධියේදී හිටපු ඇමරිකානු ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇය අසල සිට ඇති අතර මුලින්ම විඩියෝව පළකරන්නේ හිලරිය.


පසුව එය හුවමාරු කරමින් අගමැතිනිය ඇයට තුතිපුදමින් සටහනක් තබා තිබුණි.

AFP පුවත් ඒජන්සියේ වාර්තාවට අනුව හිලරි 2012 වසරේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කොලොම්බියාවේ කළ සංචාරයේදී සමාජ ශාලාවකට ගොස් කළ නැටුමක් මෙම වීඩියෝවට පදනම් වේ.
 එම වීඩියෝව පළ කරමින් ඇය ලිව්වේ, දිගටම නටන්න, සානා මරීන්.  ලෙසින් උපහාසයෙනි.
ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය නර්තනයේ යෙදෙන ඡායාරූප සහ වීඩියෝ පසුගිය සතියේ ප්‍රචලිත වීමෙන් පසු රට පුරා සෘණාත්මක ප්‍රතිචාර ඇති විය. මෙම නර්තනය අගමැතිවරයකුගේ තත්වයට නුසුදුසු හැසිරීම් පෙන්නුම් කළ බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සානා මැරින් සමාව අයැද සිටියාය.