arjuna-sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අලුතින් පත්වූ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන 02ක් වන්දි ඉල්ලමින් එන්තරවාසි (Letters of Demand) යොමුකර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්. ආයතනයට සහ එහි විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි  යැයි චෝදනා කරමිනි. ( මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල මාධ්‍ය නිවේදනයක් ඊයේ (15දා නිකුත් කර තිබුණු අතර, ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් හදිසි විධායක කමිටු රැස්වීමකදීය.

එම රැස්වීමේදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත කළ අසත්‍ය, අපහාසාත්මක ප්‍රකාශ පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. ඒ අනුව රණතුංග මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, එහි පළමු පියවර වශයෙන් එන්තරවාසි යොමු කිරීමටත් තීරණය කර ඇත. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අජුන රණතුංග මහතා පසුගියදා පැවැති මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී (Derana Big Focus),ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් අදහස් දැක්වීම නිසා මෙලෙස ඔහුගෙන් රු. බිලියන 02ක් වන්දි ඉල්ලා නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හොඳ හිත සහ කීර්තිනාමයට හානි කිරීම, අසත, අපහාසාත්මක චෝන්දනා කරමින් හිතාමතාම ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට එරෙහිව ද්වේශසහගත චේතනාවෙන් අදහස් දැක්වීම රණතුංග මහතා සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ නිල මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


(පැතුම් ශ්‍රී විජේරත්න)