ashok-kantha-sri-lanka-india

ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් කෝටි 600කට ආසන්න මූල්‍ය සහායක් ඉන්දියාවෙන් මේ දක්වා ලබාදී ඇති බවත් ඉන්දියාව රටකට මේතරම් විශාල සහායක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවත් ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස්වරයකු වන අශෝක් කාන්තා මහතා ප්‍රකාශ කර ඇත.

මෙවැනි විශාල සහායක් ලබාදීම ඉන්දියාවට ප්‍රායෝගිකව කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ඉන්දියාව කෙතරම් දුරක් යාමට අපේක්ෂ කරනවා දැයි ප්‍රශ්නයක් මතුවන බවත් අශෝක් කාන්තා මහතා ප්‍රකාශ කර තිබේ. මෙවැනි විශාල සහායක් රටකට ලබා දීමේදී කල්පනාකාරී විය යුතු බවද ඔහු පෙන්වා දී ඇත. ඉන්දියාව දැන් කළ යුත්තේ ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය ලබාදීම නොව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉක්මනින් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකඟ කර ගැනීම බවද ඔහු සඳහන් කර තිබේ.