kallanchiya-incident

පාසල් ඇරී නිවසට පැමිණි අවුරුදු දහයක් පමණ වයසැති ගැහැනු දරුවකු පාළු හේනක පිහිටි පැලක දෑත්, දෙපා ගැට ගසා තිබියදී එම දරුවා බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීරිණ ඒකකයට ඇතුළත් කළ බව පෙරේදා (2) කල්ලංචිය පොලීසිය පැවැසීය. මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ, රොටවැව ප්‍රදේශයේ පදිංචි පස් වැනි වසරේ ඉගෙනුම ලබන දැරියකි.

මෙම දැරිය පාසල් ඇරී නිවෙසට එමින් සිටියදී ඇගේ දෑත්, දෙපා හා මුහුණු ප්‍රදේශයේ රෙදි කඩකින් බැඳ පාළු හේනක පිහිටි පැලක් තුළ රඳවා තබා සිටියදී එම ප්‍රදේශයේ කිසියම් අයකු 119 දුරකතන අංකයෙන් පොලීසියට දැනුම් දීමක් සිදු කර ඇතැයි පොලීසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ කල්ලංචිය පොලීසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට අනෙක් නිලධාරීන් සමගින් පැමිණ අවුරුදු දහයක පමණ වයස ඇති එම දැරිය බේරා ගෙන ඇත. ඉන් පසු ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව නේන්වාසිකව ප්‍රතිකාර ලබා දීම සඳහා මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයට ඇතුළත් කර ඇත. කල්ලංචිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 -උපුල් හේරත් -