අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපළ සොරාගත් බව කියන පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායකපුරදීමට අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. පිත්තලවලින් නිර්මිත, වසර දෙසීයකට වඩා පැරැණි බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවෙස තුළ තිබී සොයාගෙන ඇත.
සැකකරු තවත් පිරිසක් සමග ඉකුත් නව වැනිදා අරගලකරුවන් මුවාවෙත් අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි මාධ්‍ය ඒකකයේ තිබු මෙම දේපළ සහ අරලියගහ මන්දිරය තුළ තිබූ බිත්ති සැරැසිලි සොරාගෙන තිබූ බව පොලීසිය කියයි.. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි. මේ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments