harak-kata-arrested

ඩුබායි ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු පාතාල නායකයකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ඔහුගේ ගෝල බාලයන් යොදවා මෙරටදි ඝාතනය කළ බව කියන පුද්ගලයන් රැසකගේ ඡායාරූප ඔහු පදිංචිව සිටි එරට සුපිරි නිවසේ කාමරයක එල්ලා ඇති බවට

තොරතුරු ලැබී ඇතැයි පාතාල මර්දන කටයුතුවල නිරත උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

මෙම ඡායාරූපවලට අමතරව හරක් කටා විසින් ඉදිරියේදී ඝාතනය කිරීමට සැලසුම් කළ ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් රැසකගේ ඡායාරූප ද එම කාමරයේ ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීවේය. ඉකුත් වකවානුවේ මෙරටදී වරින් වර සිදුවූ ඝාතන 22ක් සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය කර සිටි අයකු යැයි ද පොලිසිය පවසයි. ඩුබායි සිට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මැලේසියාවට පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඩුබායි ගුවන් තොටුපොළේදී හරක්කටා නමැත්තා ඔහුගේ බිරිය සහ තවත් අයකු සමග එරට ආගමන විගමන නිලධාරිගේ අත්අඩංගුවට පත් වූයේ ඉකුත් 25 වැනිදාය.


-ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය-