bus-fuel-issue-again

පවතින ඩීසල් හිඟය නිසා ඊයේ (25) දා දිනයේදී දුර ගමන් සේවා බස් රථවලින් 70%ක් හා කෙටිගමන් සේවාවලින් 40%ක් පමණ ධාවන කිරීමට නොහැකි වූ බව බස් සංගම් සඳහන් කරති. ඩිපෝවල පිහිටි 

පිරවුම්පවලින් පෞද්ගලික බස් රථවලට පසුගිය කාලයේදී නියමිත ආකාරයට ඉන්ධන ලබාදුන් බවත්, එහෙත් මේ වනවිට ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කිරීම දැඩි ලෙස සීමා වී තිබෙන බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය පැවසීය. මේ නිසා ඊයේ දිනයේදී අන්තර් පළාත් බස් රථවලින් ධාවනය කරනු ලැබූවේ 30%කට ආසන්න ප්‍රමාණයක් බවද එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසා සිටියේය.

රටට ලැබෙන ඩීසල් නිසි කළමනාකරණයකින් යුතුව අඛණ්ඩව ලබාදීමට නොහැකි වීම මත මෙම තත්ත්වය යළිත් වතාවක් ඇති වී තිබෙන බවත්, බස් රථ ධාවනය සීමා සහිත වීම තුළින් මගී ජනතාව සේම බස් හිමියන්ද දැඩි  දුෂ්කරතාවන්ට පත් වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම පවතින ඉන්ධන හිඟය නිසා ඊයේ දිනයේදී කෙටි ගමන් සේවා බස් රථවලින් 40%කට ආසන්න ප්‍රමාණයකට ධාවනය කිර්මට නොහැකි වූ බවත්, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් වූ බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි. පවතින තත්ත්වය තුළ කෙටි ගමන් හා දුර ගමන් සේවා අද (26දා) දිනය තුළදී මෙම ප්‍රමාණවත් ධාවනය කර ගැනීමට හැකිවේදැයි ගැටලුවක් පවතින බවත්,

රජයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන නිසා හා පාසල් ආරම්භ කර තිබෙන නිසා සමස්ත බස් රථවලින් 80%කට ආසන්න ප්‍රමාණයක්වත් දෛනිකව ධාවනය විය යුතු බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියජිත් මහතා පැවසීය. ඉන්ධන නිසි ලෙස අඛණ්ඩව ලබාදීමට කටයුතු නොකළහොත් පොදු ප්‍රවාහන සේය නිසි ලෙස පවත්වාගෙන යාමට. නොහැකි වන බවත්, මේ නිසා රටට ලැබෙන සිමීත ඉන්ධන ප්‍රමාණය නිසි කළමනාකරණයකින් යුතුව අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදෙමින් නිකුත් කරන වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.


(ඉන්දික හේවාවිතාරණ)