රුසියාව විසින් අසල්වැසි යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග අදටත් එරටට පෙනෙන මානයක හෝ සුගතියක් නොමැත. එරට වැසියන්ට පෙර සිටි තත්වයට පැමිණීමට තවත් බොහෝ කාලයකට හැකියාව නොලැබෙනු ඇත. බොහෝ යුක්රේන වැසියන් සිය රටින් පලාගිය අතර,
ඇතැමුන් පෝලන්තයේ, ජර්මනියේ හා ස්පාඤ්ඤයේ වැනි අසල්වැසි රටවල සරළාගතයන් ලෙස දිවි ගෙවමින් සිටියි. කෙසේ නමුත් කුමන අභියෝග තිබුණත්, කොහේ සිටියත් යුක්රේන වැසියන් සිය රට නියෝජනය කිරීම අමතක නොකරයි. ක්‍රීඩාව එහි ප්‍රධාන තැනක් ගන්නා අතර, පසුගියදා ඇමෙරිකාවේ පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී යුරේර්නය පදක්කමක් දිනාගැනීම ඊට එක් පිළිතුරකි.ලෝකයක් ඉදිරීයේ යුක්රේනය ඉහළින්ම වැජඹ වූ තවත් සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා විය. 44වැනි චෙස් ඔලිම්පියාඩ් තරගාවලිය චෙන්නායිහිදී පැවති අතර, එහි පසුගියදා (09දා) පැවැති කාත්තා ඉසව්වකදී රන් පදක්කමක් දිනාගැනීමට යුක්රේනය සමත් විය. කෙසේ නමුත් යුද්ධයෙන් බැටකන යුක්රේනුවන් සිටියදී, ඔවුන්ට මෙම ජයග්‍රහණයේ සතුට සැමරීමට වාසනාවක් හෝ වුවමනාවක් නොතිබුණි. මෙම ජයග්‍රහණයේ එක් කොටස්කාරියක් වන ඇනා උෂෙනිනා ඇගේ තරග ඉසව් ජයගැනීමෙන් පසු සතුටෙන් ඉපිදිය යුතු වුවත්, ඇය නිහඬව තරග බීමෙන් පැත්තට ගොස් ඇගේ සහායිකාවක වූ නටාලියා බුක්සාගේ තුරුලට වැටුණාය. සතුටක් නොතිබුණු උෂෙනියාට තිබුණේ කඳුළු සහ වැලඳ ගැනීමක් පමණි කෙසේ නමුත් මිලේච්ඡ රුසියානු ආක්‍රමණයකට මුහුණදුන් මිලියන සංඛ්‍යාත ජනතාවක්, ආහාර සහ නවාතැන් සඳහා අරගල කරන මොහොතක යුරේනයට මෙම රන් පදක්කම සැනසිල්ලට හේතුවක් වූ බව නම් නොරහසකි. පදක්කම් ප්‍රධානයෙන් අනතුරුව උෂෙනියා සිය රන් පදක්කම පෙන්වමින් වෙව්ලන කටහඩකින් කියා සිටියේ, යුද්ධයකට පදක්කමක් නැවැත්විය නොහැකි බවයි..
"කියාගන්න බැරි විශිෂ්ට හැඟීමක් දැනෙනවා. යුද්ධයකට පදක්කමක් නැවැත්විය නොහැකියි"ඇය පැවසුවාය. මෙම හඬ ශාලාව පුරා දෝංකාර දුන් අතර, බොහෝ වේලාවක් ශාලාවේ පැවතියේ නිහැඩියාවකි. 36 හැවිරිදි උෂෙනිනා, යුක්රේනයෙන් බිහිවූ පළමු කාන්තා චෙස් ලෝක ශුරියයි. ඇය රුසියානු දේශසීමාවේ සිට සැතපුම් 30ක් දුරින් පිහිටා තිබෙන රුසියානු ආක්‍රමණයේ දැඩි බලපෑමකට ලක් වූ කියෙව් නගරයේ ජීවත් වූ තැනැත්තියකි.
"අපි ජීවත් වුණේ රුසියානු දේශසීමාවට ඉතා ආසන්නව. ඒක භයානක කාලයක්. රුසියානු යුද ටැංකි එන බව ආරංචි වූ සැණින් කිසිම සුදානමක් නැතුව අපේ පවුලේ අය සමග පලායාම හැර වෙනත් විකල්පයක් අපට තිබුණේ නැහැ" යනුවෙන් ඇය පවසයි. රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනයේ සිටි පළපුරුදුම චෙස් ක්‍රීඩකයෙකු තවමත් යුක්රේනයට ගොස් නොමැති පසුබිමක, මෙම තරගාවලියට සහභාගි වූ උෂෙනිනා ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සෑම කෙනෙකුටම කියන්නට දුක් කතාවක් ඇත. ඒ අතරින් සහෝදරියන් වන ඇනා මුසිචුක් සහ මාරියා මුසිචුක්, යුක්රේනයේ ලිව් නගරයෙන් පලාගොස් මෙම තරගාවලියට පැමිණියේ ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ සිටය.
"යුද්ධයක් පිළිබඳ ආරංචියක් පැතිර ගියත්, රුසියාව අපිව ආක්‍රමණය කරන පළමු දවසෙත් සාකච්ඡාවක් තිබුණා" යැයි පසුගිය පෙබරවාරි 24වැනිදා සිදු වූ කනගාටුදායක සිදුවීමක් සිහිපත් කරමින් වැඩිමහල් පුසිචුක් පවසයි."උදේ හතට විතර මම ඇහැරුන්නේ සයිරන් සද්දයක් ඇහෙන නිසා. ඒක ටිකක් කම්පනයට පකළා. මොකද වෙන්නේ කියලා දන්නේ නැති නිසා මම මගේ දුරකථනය අතටගෙන ප්‍රවෘත්ති පරීක්ෂා කළා. මම දැක්කා ව්‍යසනයක්” යනුවෙන් ඇය පවසයි. "ඒ වෙනකොට බෙලාරූස් ඉදලා කියෙව්ව බෝම්බ ගැහුවා. ඔවුන් අපේ ගොඩනැගිලි විනාශ කළා. බටහිර සිට උතුර හරහා දකුණට ආක්‍රමණය කළා. අන්නේ දෙවියන්නේ, මේක යුද්ධයක්, අපි කුමක් කළ යුතුද? මායා, අවදි වන්න, සයිරත්වලට සවන් දෙන්න, යුද්ධය පටන්ගෙන, මම මගේ සහෝදර්යට කීවා” යැයි ඇය තවදුරටත් පැවසුවාය. "එදින රාත්‍රියේ ගුවන් ගමන් නවතා තිබූ අතර, දු න්ට පින් තිබුණා.
මගේ සහෝදරියයි මමයි මල්ලක් සහ ලැප්ටොප් එකත් එක්ක තදබදයෙන් පිරුණු බස් රථයකින් පෝලන්ත දේශ සීමාවට ළඟා වුණා. අපි ගොඩක් දුකෙන් හිටියේ. මොකද අපට අපේ රට දාලා යන්න ඕන නැති නිසා. මම මගේ නගරයට සහ මගේ මහල් නිවාසයට ආදරෙයි. නමුත් අපිට හැමෝම දාලා යන්න වුණා. අපේ දෙමාපියන්, අපේ ආච්චිලා සීයලා, අපේ නෑදෑයෝ වැඩි දෙනෙක් තවමත් සිටින්නේ යුක්රේනයේ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය. ඒ අනුව මෙම තරගාවලියට පැමිණියේ යුරේය හොඳම සුදානමකින් නොවූ නමුත්, ඔවුන් වඩාත්ම අධිෂ්ඨානශීලී විය. ඔවුන් යුද්ධයේ බිහිසුණු බව දැක ඇති නිසා, ඔවුන්ට පීඩනය දැනුණේ නැත. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ උෂෙනිනා තරගයෙන් පසුව පැවසූ පරිදි සාමයයි.
(විශ්ව මුදියන්සේ)
0 Comments