colombo-magazine-prison

උසස් පෙළ විභාගයට පෙනී සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු සමත් වී තිබෙන බවත්, පසුගිය වසරට අදාළව මේ වසරේදී පැවැත්වූ උසස්පෙළ විභාගය සඳහා රැඳවියන් තිදෙනෙකු පෙනී සිටි බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ම

ෙම තිදෙනා කලා විෂය ධාරාවන්ගෙන් පෙනීසිටි බවත්, මේ අනුව මැගසින් බන්ධනාගාරයේ විශේෂ ඝනයේ එල්.ටී.ටී.ඊ. රැඳවියෙකු වන කිලිනොච්චිය ප්‍රදේශයෙහි පදිංචි වියස අවුරුදු 38ක් වන රැඳවියා විසින් භුගෝල විද්‍යාව - සම්මාන සාමාර්ථ (c) හින්දු ශිෂ්ඨාචාරය - සම්මාන සාමාර්ථ (c) දමිළ භාෂාව - සාමාන්‍ය සාමාර්ථ (S) ලබා ගනිමින් සමත් වී තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන,) චන්දන ඒකනායක මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයෙන් පෙනීසිටි කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක රැඳවියා විසින් දේශපාලන විද්‍යාව - සාමාන්‍ය සාමාර්ථ (S) බෞද්ධ ශිෂ්ඨාචාරය - සාමාන්‍ය සාමාර්ථය (s) සිංහල - සාමාන්‍ය සාමාර්ථ (s) ලබාගෙන සමත් වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. විවිධ චෝදනා ලබා බන්ධනාගාරගත වන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිර්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ බවද චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පූර්ණ මැදිහත්වීම මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සෑම වර්ෂයකම බන්ධනාගාරගත වන රැඳවියන් අතුරින් හැකියාවන් සහිත රැඳවියන් ප්‍රමාණයක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා යොමු කරන බවද චන්දන ඒකනායක මහතා පැවසීය.

( ඉන්දික හේවාවිතාරණ)