පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදෙස් රටවල් සඳහා නිවාඩු ගතකිරීමට පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා මුදල් විදේශයන්හිදී වියදම් කිරීමට මේ වනවිට දැඩි සීමා පනවා තිබේ.
විදෙස් රටවල හෝටල් ගාස්තු ගෙවීමටවත් පනවා ඇති සීමිත අගයන් ප්‍රමාණවත් නොවීම ගැටුකාරී වී තිබේ.
සිය දේශීය බැංකු ගිණුම් වලට සම්බන්ධිත රුපියල් වලින් පවතින ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ විදේශයන්හි වියදම් කළ හැකි සීමාව විශාල ලෙස පහත හෙළා තිබේ.
ඒ අනුව කොමර්ෂල් බැංකුව ඩෙබිට් කාඩ් පතින් සතියක් තුළ රුපියල් 50000 ක් පමණක් විදේශයන්හිදී වියදම් කළ හැකිවේ.කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් කාඩ් පතින් (සාමාන්‍ය) සතියක් තුළ රුපියල් 100000 ක් පමණක් වියදම් කළ හැකිවේ.
සම්පත් බැංකුව ඩෙබිට් කාඩ් පතින් සතියක් තුළ ඩොලර් 125 (රු 45000) පමණි. සම්පත් ක්‍රෙඩිට් කාඩ් පතින් ඩොලර් 250 (රු 100000)උපරිමයේ සිට කාඩ්පත අනුව ඉහළ අගයකි.
හැටන් නැෂනල් බැංකුව ඩෙබිට් කාඩ් පතින් සතියක් තුළ රු 75000 ක් පමණක් වියදම් කළ හැකිවේ. හැටන් නැෂනල් ක්‍රෙඩිට් කාඩ්පතින් සතියක්තුළ රු150000 පමණි.
අනෙකුත් බැංකුවලද මෙම අගයන් මෙලෙසම අඩුය.
0 Comments