ඉන්දියාවේ දිල්ලි අගනුවර ආසන්නයේ අනවසරයෙන් ඉදිකළ මහල් නිවාස ගොඩගැනිලි දෙකක් පුපුරණ ද්‍රව්‍ය යොදා කඩා බිඳ දැමීමට එරට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. වසර ගණනක් පුරා පැවැති අධිකරණමය කටයුතුවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 3.700ක් පමණ වූ වෙඩිබෙහෙත් තොගයක් යොදාගනිමින් පසුගිය ඉරිදා දිනයේදී මෙලෙස එම ගොඩනැගිලි කඩා බිඳ දැමීම සිදුකර තිබේ. මේ සඳහා විශේෂඥතා දැනුම සහිත පිරිසක් යොදවාගෙන ඇත.
ඒ අනුව තත්පර 10ක පමණ කාලයක් අතුමත ගොඩනැගිලි දෙකම බිමට සමතලා වී ඇති අතර, ඉන් නැගුණු අප සහ දූලි වලාවන් අවට ප්‍රදේශය පුරාම පැතිර ගොස් තිබේ.
වාර්තා වන ආකාරයට ඉන්දියාව තුළ ඉතාමත් කෙටිකාලයකදී කැඩි බිදී හෙළුණු උසින් වැඩිම ගොඩනැගිලි දෙක බවටද මෙය ඉතිහාසයට එක්ව තිබේ. මේ අතරින් එක් ගොඩනැගිල්ලක් මහල් 32කින් සමත්විතවූ අතර, අනෙක් ගොඩනැගිල්ල 29කින් සමන්විත වී තිබේ. මේ අතර ගොඩනැගිලි කඩා බිද දැමීම අවස්ථාවේදී ඒ අවට ප්‍රදේශයේ කිසිවකුටත් හානියක් සිදු නොවන ආකාරයෙන් එය සිදු කිරීමටත් බලධාරින් පියවර ගෙන තිබේ. ඒ අනුව බලාපොරොත්තු වූ ආකාරයටම මෙම කටයුතු සිදුවූ බව ඉන්දියානු රජය සඳහන් කරයි.
කඩා බිඳ දැමීමෙන් පැය 24ක කාලයක් ගතවන තෙක් එම ප්‍රදේශය වෙත නොපැමින ලෙසත් ජනතාවට අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
එම ප්‍රදේශය අවට පවතින අහිතර වායුන් නිසා ඇතිටිය හැකි සෞඛ්‍ය අවදානම හේතුව විය. පසුගිය වසර කිහිපය පුරාම පැවැති මෙම ගොඩනැගිලි දෙක සම්බන්ධයෙන් වූ අධිකරණ කටයුතු කාටත් අවධානයට යොමුවිය. එහිදී ගොඩනැගිලි ඉදිකිරීමේදී බොහෝ ඉදිකිරීම් සහ ආරක්ෂක නීති රැසක් උල්ලංඝනය කර ඇතැයි අධිකරණය සිය අවසන් තීන්දුව ලබාදෙමින් පවසා තිබේ. එසේම මෙම ගොඩනැගිලි ඉදිකළ පුද්ගලයා ඒ අවට පිහිටි මහල් නිවාස හිමිකරුවන්ගෙන් ඒ සදහා වන අනුමැතියක් ලබාගෙන නොතිබූ බවත් අධිකරණිය සඳහන් කරයි. මෙම මහල් නිවාස ගොඩනැගිලි දෙක කඩා බිදදැම්ම සිදුවන අවස්ථාව වනවිට එහි කිසිදු පදිංචිකරුවෙකු සිට නැත.
0 Comments