diana-ford-sold

බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය පැද ගිය Ford Escort RS Turbo Series 1 මාදිලියේ මෝටර් රථය පසුගියදා පැවැති වෙසියකදී පවුම් 724,500ක මුදලකට අලෙවි වී ඇතැයි වාර්තා වෙයි. එරට සිල්වෙර්ස්ටෝන් ධාවන පථයේදී මෙම වෙන්දේසිය සිදුව තිබේ.

සිල්වටෝන් වෙබ් අඩවියට අනුව මෙම රථය ඩයනා කුමරියට අයත්ව තිබූවකි. වෙන්දේසිය සිදුවන අවස්ථාව වනවිට රථය සැතපුම් 24,961ක් ධාවනය කර ඇති බව සටහන්ව තිබේ. 1985 සිට 1988 දක්වා කාලය තුළ ඩයනා කුමරිය මෙය පද තිබේ. අවස්ථා කිහිපයකදීම වෙද්දි සහ කෙන්සිටඟි ඇය මෙම රථය පැද යන ආකාරය ඡායාරූපවල සටහන්ව ඇත. 1988 වසරේදී ඩයනා කුමරිය මෙම රථය ෆෝඩ් සමාගම වෙත භාරදී ඇති අතර අතර, ඒවනවිට ඇය එම රථය සැතපුම් 6,800ක් පැද තිබේ. ඉන් අනතුරුව හිමිකරුවන් කිහිපදෙනෙකු අතට පත්ව ඇති මෙම රථය අවසානයේදී යළිත් ෆෝඩ් සමාගමට හිමිව ඇතැයි පැවසෙයි.