ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මැලේසියාවට පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඩුබායි ගුවන්තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ පාතාල නායකයකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක් කටා දින 30ක් ඇතුළත මෙරටට පිටුවහල් කිරීමට නියමිතව ඇතැයි පාතාල මර්දන කටයුතු මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර පොලීසියේ මෙරට ශාඛාවට නිල වශයෙන් පෙරේදා දැනුම් දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය. ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය රතු නිවේදනය ගනු ලැබුවේ රහස් පොලීසිය විසිනි.
හරක් කටා සමග ඔහුගේ බිරිය හා ලේ නමැත්තකු ද අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉකුත් 11 වැනිදාය. හරක් කටා ඩුබායි රටට පලාගොස් ඇත්තේ, හේරත් දිසානායකගේ රොෂාන් ඉෂක නමැත්තකුගේ නමින් සකස් කරගෙන තිබූ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් යැයි පොලීසිය කියයි.
හරක් කටා මෙරටට පිටුවහල් නොකරන ලෙසට ඩුබායි රටට පලාගොස් සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනකු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණ ද එම ඉල්ලීම් ඉවත දමා ඇතැයි ද පොලීසිය කියයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments