
කොල්ලුපිටිය ප්‍රදේශයේ ඩර්ඩන්ස් රෝහලේ කුලියට ගත් ඉඩමක පිහිටි නේවාසිකාගාරයේ අද (10) සන්ධ්‍යා කාලයේ ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවන රථ කිහිපයක් එම ස්ථානයට පැමිණ තිබෙයි.
රෝහලේ නේවාසිකාගාරයේ ගින්න හටගෙන ඇති අතර තුවාල හෝ මරණ කිසිවක් තවම වාර්තා වී නොමැත.ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය විස්තර තර තිබේ.
ගින්න පාලනය කර ඇති බවද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval