fisheries-kerosine

ධීවර ජනතාවට සහන මිලට භූමිතෙල් ලබාදෙන බවට බලධාරීන් ප්‍රකාශ කළද එවැනි වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක කර නොමැති බවත්, මේ නිසා සුළුපන්න ධීවර කටයුතු කරන ජනතාව ධීවර කටයුතුවලින් ඉවත්වෙමින් තිබෙන බවත් සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි. භූමිතෙල් ලීටරය රුපියල් 340කට මිලදීගෙන සුළු පන්න ධීවර කර්මාන්තයේ යෙදීම තුළින් ධීවර ජනතාවට ජීවත්වීමට තරම් ආදායමක් නොලැබෙන හෙයින් මීගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවකම සුළුපන්න ධීවර ජනතාව ධීවර කටයුතුවලට යෑමෙන් වැළකී සිටින බවද

එම සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතා සඳහන් කළේය 25,000කට අධික සුළු පන්න ධීවර ජනතාවක් රට තුළ ජීවත්වන බවත්, මෙම පිරිසට පැවැති මිලට භූමිතෙල් ලබාදෙන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් හා ධීවර අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ බවද ඔහු පවසා සිටියේය. 25,000කට අධික සුළු පන්න ධීවර ජනතාවක් රට තුළ ජීවත්වන බවත්, මෙම පිරිසට පැවැති මිලට භූමිතෙල් ලබාදෙන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් හා ධීවර අමාත්‍යාංශයෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ බවද ඔහු පවසා සිටියේය.මේ අනුව ධීවර ජනතාවට සහන මිලට භූමිතෙල් ලබාදෙන බවට රජය ප්‍රකාශයට පත් කළ බවත්, එහෙත් අදාළ සහන මෙතෙක් ලබා දී නොමැති බවත් කී ඒ මහතා මේ නිසා මීගමුව හා අවට ජනතාව ආරම්භ කර තිබෙන විරෝධතා ව්‍යාපරය ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

පවතින තත්ත්වය තුළ සුළුපන්න ධීවරයන්ගෙන් අතිබහුතරයක් ධීවර රැකියාවලට යෑමෙන් වැළකී සිටින බවත්, එහෙත් නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිත කරන පිරිස් මෙම මිලට භූමිතෙල් මිලදී ගෙන ධීවර කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.


 (එච්.අයි. තුෂාර)