හිටපු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රී ලංකාවට පැමිණනු ඇති බවත්, තායිලන්තයේ රැදී සිටීමට ඉහළ වියදමක් දැරීමට සිදුවීම රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට ඉක්මනින් පැමිණීමට එක් හේතුවක් වී ඇති බවත්, ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
පෞද්ගලික ගුවන් යානයක් භාවිත කිරීම සහ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, පැය 24 පුරා ආරක්ෂව ආදිය හේතුවෙන් තායිලන්තයේ බිල්පත දැනටමත් ශ්‍රී ලංකා රුපියල් මිලියන සිය ගණනක් වී අවසන් බව ද එම ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා ඇත. ඒ හේතුවෙන් තායිලන්තයේ තවදුරටත් රැඳී සිටීමේ වියදම රාජපක්ෂ මහතාට දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇතැයි පැවැසේ. රාජපක්ෂ මහතාගේ තායිලන්ත බිල්පතෙන් වැඩි කොටස ඔහුගේ ආධාරකරුවන් විසින් පියවනු ලබන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තීරණය වන අනෙක් කරුණ නම් ඔහුගේ ආරක්ෂාව සඳහා ගන්නා විධිවිධාන බව ද ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පෙන්වා දී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය වුවත් ආරක්ෂාව ප්‍රධාන ගැටලුවක් වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස බුද්ධි අංශ ඉල්ලා ඇතැයි තවත් ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව පිළිබඳ විධිවිධාන ඉතා ඉක්මනින් යෙදිය හැකි නම්, සති දෙකක් ගතවීමට පෙර වුවද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බව එම ආරංචි මාර්ගය සඳහන් කර ඇත.
0 Comments