පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීක් - ඉ -ඉන්සාෆ් පක්ෂය වෙත නීතිවිරෝධී අරමුදල් සම්පාදනයක් සිදුව ඇතැයි එරට මතිවරණ කොමිසම ඊයේ (02)දා ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම පක්ෂය එරට තුළ දේශපාලනයෙන් තහනම් කිරිමේ අවස්ථාවක් මතුව තිබෙන බවත් එරට මාධ්‍ය පවසයි. වාර්තා පවසන ආකාරයට පසුගිය කාලසීමාවේදී ඉන් ඛාන්ගේ පක්ෂය වෙත විදේශයන්ගන් අරමුදල් හිමිව තිබේ.
එහත් පාකිස්තානය තුළ එය සැරියෙම නීතිවිරෝධී අවස්ථාවකි. කෙසේ වෙතත් තම පක්ෂය කිසිදු වරදක් සිදුකර නැතැයි ටෙහ්රීක් - ඉ -ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකවරයා සදහන් කර ඇත. ඒ අනුව මෙම තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පවසා ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඉම්රාන් ඛාන් ප්රමුඛ එම පක්ෂය ලබූ දැවැන්ත ජයත් සමග 2018 දී එරට අගමැතිවරයා බවට පත්විය. එහෙත් මේ වසරේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තූව වෙත ගෙන ආ විශ්වාසභංගයක් හරහා ඔහු ධුරයෙන් ඉවත් කෙරිණි. මේ වනවිට රජයට එරෙහිව දැවැත්ත ව්‍යාපාරයක් ගෙනයන ඉම්රාන් ඛාන් කඩිනම් මැතිවරණයක් ඉල්ලා සිටියි. එහෙත් වත්මන් අගමැති ෂේහ්බාස් ෂරීෆ් එය ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර පසුගියදා පැවැති පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයෙන්ද දැවැන්ත ජයක් ලැබීමට ටෙහ්රීක් - ඉ -ඉන්සාෆ් පක්ෂයට හැකිවිය.
0 Comments